ඉන්දියාවෙන් ආනයනය කල දියර පොහොර , ගොවීන්ට බෙදා හැරීම ආරම්භකෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය අද අලුයම ගුවන් මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබු අතර එම පොහොර තොගය වත්තල , හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන යෑමට පියවර ගෙන ඇත .

මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර , මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදාහැරීම අද දිනයේම ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත .

මෙවර මහ කන්නය වෙනුවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇණවුම් කර ඇති අතර , ඉන් පළමු තොගය ලෙස ලීටර් ලක්ෂයක ප්‍රමාණයක්  දිවයිනට මෙලෙස  රැගෙනවිත් තිබෙ.

එම දියර පොහොර තොගයේ බර මෙටි්‍රක් ටොන් 45 ක් පමණ වන අතර  මෙම සතිය තුළ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් මෙරටට ආනයනය කිරීමටයි සැළසුම් කර ඇත .