දම්පත් රණසිංහ
මාකදුරේ මධූෂ්ගේ ගෝලයකු මීපේ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහගම ඇරැව්වලදී කෝටි 500ක් වටිනා දියමන්තියක් හා කෝටි 200ක් වටිනා මැණිකක් කොල්ලකා විදේශිකයකු පැහැරගත් සැකකරුවෙකි.
ඩුබායි පොලීසිය විසින් මාකදුරේ මධූෂ්ගෙන් ප්‍රශ්න කරන ලද කෝටි 500 මැණික ව්‍යාපාරිකයාගෙන් කොල්ලකෑමට සම්බන්ධ අනිත් ගෝලයා මොහුය.
සැකකරු හොරගොල්ල, පාදුක්ක පදංචි 28 හැවිරිදි අයෙකි.
සැකකරු ගාගෝඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි නීතිමය කටයුතු සදහා අවසර ලබාගෙන තිබේ.