නවතම පුවත්

ෆේස්බුක් සමාගම, නම වෙනස් කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක සිය සමාගම් නාමය  වෙනස් කිරීමට තීරණය කර ඇත

ඒ අනුව ෆේස්බුක් නිර්මාතෘ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් ලබන 28 වනදා එම සමාගමේ වාර්ෂික සමුළුවේදී   නව නාමය එළිදැක්වනු ඇති බවටද    ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත

කෙසේ වෙතත් ඇතැම් විට ඊට පෙර මෙම නව නාමය හෙලිදර්ව්කිරීමට සකර්බර්ග් කටයුතු කරනු ඇති බවටද ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය අනාවැකි පළකර ඇත .facebook-mark-zuckerberg-congress-hearing-exploring-instagram-kids

නව සන්නාමකරණ වැඩසටහනක් යටතේ ෆේස්බුක් සමාගම මෙසේ  සිය නම වෙනස් කිරීමට තීරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍යවල සඳහන්වේ .

මෙම නව නාමකරණයත් සමග ෆේස් බුක් සමාජ ජාලය , තාක්‍ෂණික වශයෙන් තම මීලඟ පියවර තබනු ඇති බවට නව මාධ්‍ය විශේෂඥයින් අනුමාන කරති .

එසේම ලෝකයේ නවීනතම ඩිජිටල් තාක්‍ෂණික ප්‍රවණතාවයන්ට ගැලපෙන  පරිදි  තම .සමාජ මාධ්‍ය ජාලය පරිවර්තනය කිරීමට සකර්බර්ග් මේ සමග පියවර ගනු ඇති බවටද එම විශේෂඥයින් සඳහන් කර ඇත .

මේ වනවිට ෆේස්බුක් සමාගම සේවකයින් 10000 පමණ සංඛ්‍යාවක් යොදාගනිමින් , නව මෘදුකාංග රැසක් නිපදවීමේ නිරතව ඇති බවටද වාර්තාවන අතර කොරෝනාවෙන් පසු උදාවන නව ඩිජිටල් ආර්ථික යුගයට ගැලපෙන ලෙස ඒවා නිර්මාණය කරමින් ඇති බවටද මෙම වාර්තාවන්හි දැක්වේ .

මේ පිළිබඳව the verge වෙබ් අඩවියේ පළවූ සම්පූර්ණ ලිපිය මෙතනින් 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා