ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් අලුත් සමාජ මාධ්‍ය ජාලයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත . එම තීරණය මේ වනවිට නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. නව ව්‍යාපෘතිය නම්කර තිබෙන්නේ TRUTH Social ලෙසයි.

දැවැන්ත තාක්ෂණික සමාගම්වල කුරිරුකම්වලට එරෙහිව නැගී සිටීම සඳහා නව සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කරන බවයි ට්‍රම්ප් පවසා තිබෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේදී කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් හිතවාදීන් විසින් බලෙන් ඇතුලුවීමත් සමග ඊට පෙළඹවීමේ චෝදනා මත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් සමාජ ජාල පියවර ගෙන තිබිණි. මෙම තීරණයත් සමග ට්‍රම්ප් සහ ෆේස්බුක් ප්‍රධානීන් අතර මතගැටුමක් ඇති වූ අතර මෙය ට්‍රම්ප්ට ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම සඳහාද ප්‍රබල බලපෑමක් විය.