ලොව පුරා සෞඛ්‍ය සේවක සේවිකාවන් 180000 කට අධික පිරිසක් මේ වනවිට කොවිඩ් වසංගතය හේතුවෙන් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටී .
එම සංවිධානය නිකුත් කල නවතම වාර්තාවකට අනුව 2020 වසරේ ජනවාරි මස සිට පසුගිය මැයි මාසය දක්වා කාලය තුල , ලොව පුරා සෞඛ්‍ය සේවක සේවිකාවන් 180000 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගය හේතුවෙන් මරුමුවට පත්ව ඇති අතර , එහිදී වැඩි වශයෙන් මියගොස් ඇත්තේ කොවිඩ් එන්නතකරන වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක නොවන දිළිඳු රටවල්වල සෞඛ්‍ය සේවක සේවිකාවන් වනබවද වාර්තාවේ දැක්වේ.
ඒ අනුව කොවිඩ් එන්නත්කරණයේදී සෞඛ්‍ය අංශයට මුල් තැනක් ලබාදීම අනිවාර්ය කරුණක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ .ප්‍රධානී ටෙද්රෝස් අදනම් මහතා මාධ්‍ය වෙත ඊයේ සඳහන් කර ඇත .
කෙසේ වෙතත් අප්‍රිකානු කලාපය ප්‍රමුඛ ලොව පුරා දිළිඳු රටවල් රැසක තවමත් කොවිඩ් එන්නතකරණ ක්‍රියාවලිය ඉතා දුර්වල මට්ටමක පවතින බවත් , එම රටවල් වෙත නිසි ලෙස එන්නත් ප්‍රමාණයන් නොලැබීම ඊට හේතුව වී ඇති බවත් ඒ මහතා සඳහන් කර ඇත .
මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලිකරමින් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී මෙහිදී මෙසේද පැවසීය ,
” ලෝකය පුරා සෞඛ්‍ය සේවක සේවිකාවන් මිලියන 135ක් පමණ සිටිනවා . සමස්තයක් ලෙස බැලුවම ලොව පුරා සෑම සෞඛ්‍ය සේවක සේවිකාවන 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු සම්පූර්ණයෙන්ම කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත්කරණයට ලක්වී අවසන් . නමුත් අප්‍රිකාව ප්‍රධාන අතම දිළිඳු රටවල් වල තත්වය මෙම සාමාන්‍ය තත්වයට වඩා වෙනස් . එම රටවල සෞඛ්‍ය සේවක සේවිකාවන් 10 දෙනෙකු අතරින් එක් අයෙකුවත් නිසිලෙස එන්නතකරණයට ලක්වී නැහැ . මෙය බරපතල තත්වයක් . එම රටවල සෞඛ්‍ය සේවිකාව කොවිඩ් රෝගය හේතුවෙන් වැඩි වශයෙන් මියයාමට හේතුව එයයි .
මෙම නිසා වහාම මෙම දිළිඳු රටවල්වලට අවශ්‍ය එන්නත් තොග ලබාදීමට කටයුතු කල යුතු වෙනවා , ඒ සඳහා සහය ලබාදෙන ලෙස ලොව ධනවත් රටවලින් ඉල්ලා සිටිනවා . උදාහරණයක් ලෙස අප්‍රිකානු රටවල්වල පවතින තත්වය ඉතා බරපතලයි . එම රටවල සෞඛ්‍ය සේවක සේවිකාවන් ප්‍රමාණවත් ලෙස එන්නතකරණයට ලක්වී නොමැති අතරම ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක උපකරණවල පවා හිඟයක් තිබෙනවා , නමුත් ධනවත් රටවල් වල සෞඛ්‍ය සේවක සේවිකාවන්ගෙන් 80 % කට අධික පිරිසක් දැනටමත් එන්නත්කරණයට ලක්වී අවසන් .මෙම පරතරය පියවීම වැදගත් .”
මෙම තත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ සභාපති අනෙට් කෙනඩි පවසන්නේ , දිලිදු රටවල් වල සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන් මේ වනවිට කොවිඩ් වසංගතය හේතුවෙන් බරපතල පීඩාවන් රැසකට මුහුණදෙමින් සිටින බවයි .
මෙම රටවල සෞඛ්‍ය අංශය මුහුණ දෙන ගැටළු ගැන විස්තර කරමින් කෙනඩි වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි ,
” ඔවුන්ට නිසි ලෙස එන්නත් ලැබෙන්නේ නැහැ , එසේම ඔවුන්ට අවශ්‍ය ආරක්ෂක උපකරණ නැහැ . එසේම ඔවුන්ගේ කැපවීමට සරිලන ගෙවීමක් හෝ පහසුකම් ලැබෙන්නේ නැහැ .
මෙම තත්වය නිසා ඔවුන් සිටින්නේ කලකිරීමකින් , අධික වෙහෙසකින් , අප්‍රිකානු රටවල මෙම තවතය වඩාත් බරපතලයි , ධනවත් රටවල් මෙන්ම ලෝක සනිව්ධාන මේ පිළිබඳව අවධානය යොමු කල යුතුයි , අවම වශයෙන් ඔවුන්ට අවශ්‍ය එන්නත් තොග හෝ ලබාදීමට පියවර ගැනීම වැදගත්.
මෙම තත්වය අනුව ඉදිරි කෙටි කාලසීමාව තුල මෙවනි රටවල සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගෙන් සියයට 10 ක පමණ පිරිසක් රැකියාව හැරයාමට ඉඩතිබෙනවා . එය එම රටවල සෞඛ්‍ය අංශය කඩාවැටීමට හේතුවක් වේවි .”
The Guardian ඇසුරෙනි