විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමේ වැඩි හැකියාවක් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටී .
. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත අද පැවසුවේ යම් ආකාරයකින් ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රශේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීම තීරණය වන්නේ ජනතාවගේ සෞඛ්‍ය පුරුදු මත බවයි.
මේ වනවිට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් හට මෙරටදී පී සී ආර් පරීක්‍ෂණයක් සිදුනොකෙරෙන අතර , ඒ පිළිබඳව වෛද්‍ය සංගම් ඇතුළු විවිධ සංවිධාන වෙතින් දැනටමත් විරෝදතා හා විවේචන එල්ලවෙමින් ඇත .
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මාධ්‍ය වෙත පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු මෙරට ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් සතුටුවිය නොහැකි බවයි.
.