නවතම පුවත්

නිල ඇඳුම නැතුවත් ඉස්කෝලේ එන්න පුළුවන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සහ පාවහන් යුගළකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘මාධ්‍ය වෙත  පැවසීය.

දරුවන් වසරකට වැඩි කාලයක් පාසලට නොපැමිණීම සහ නිවසේම රැදී සිටීම නිසා ශරීර ප්‍රමාණය වැඩිවී සහ ඇඳුම් සහ සපත්තු කුඩා වීම පිළිබඳව සහ වර්තමාන ආර්ථික තත්වය අනුව දෙමව්පියන්ට අලුත් ඇදුම් සහ සපත්තු මිලදී ගැනීමේ අපහසුතාව යන කරුණු පිළිබඳව අවදානය යොමුකර මෙම තීරණය ගත් බවත් ධර්මසේන මහතා සඳහන් කළේය.

පාසල් ආරම්භ වන අද (25) දින සිට නැවත දැනුම් දෙනතුරු මෙය ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු දැනුවත් කර ඇති බවත් ධර්මසේන මහතා වැඩි දුරටත් කීය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා