ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට සාර්ථකව බද්ධ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව ඇත .
මේ සාර්ථක අවයව බද්ධයත් සමග වෛද්‍ය ක්ෂේත්රයේ විප්ලවයක් ඇතිවනු ඇති බවත් ,ඒ හරහා මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්රිය හිඟය විසඳීමට හැකිවන බවත් එම වෛද්‍යවරුන් සඳහන් කර ඇත
වකුගඩුව ලැබූ පුද්ගලයා මොළය මියගිය තැනැත්තෙකු වන අතර, නැවත සුවය ලැබීමට කිසිදු ඉඩකඩක් නොමැතිව ඒ වන විටත් යන්ත්‍රවල ආධාරයෙන් ජීවත් වෙමින් සිටි අයෙකි.
වකුගඩුව ලබාගනු ලැබුවේ, බද්ධ කළ ඉන්ද්රියය අවයවලාභියාගේ සිරුරේ දී “ආගන්තුක” පටකයක් ලෙස හඳුනා නොගැනෙනු පිණිස ජානමය වෙනස්කිරීමකට භාජනය කළ ඌරෙකුගෙනි.
මින් පෙර මනුෂ්‍ය නොවන ප්රයිමේටාවන් (වානරයන් වැනි සතුන්) යොදාගෙන මේ හා සමාන පර්යේෂණ සිදුකර ඇතිමුත්, මිනිසෙකු යොදාගත් පළමු අවස්ථාව වන්නේ ද මෙය යි..
නිව් යෝක් විශ්වවිද්‍යාලයයේ ලැන්ගෝන් හෙල්ත් නම් වෛද්‍ය මධ්‍යස්ථානයේ දී සිදුකෙරුණු පැය දෙකක සැත්කමක් හරහා ශල්‍ය වෛද්‍යවරුන් ඌරු වකුගඩුව මොළය මියගිය පුද්ගලයාගේ රුධිර නාලවලට සම්බන්ධකර ඇත.
ඉන් අනතුරුව දින දෙකහමාරක් තිස්සේ බොහෝ පරීක්ෂණ සහ පරීක්ෂා කිරීම් සිදුකළ ඔවුහු වකුගඩුව සමීපව නිරීක්ෂණ කළහ.
“සාමාන්‍ය මිනිස් වකුගඩුවක් සිදුකරන සෑම කෘත්‍යයක්ම ඉටුකරමින් සෑම ආකාරයෙන්ම මිනිස් සිරුරට ගැලපෙන වකුගඩුවක් ලෙස මෙම ඌරු වකුගඩුව ක්රියාතමක්වන බව , මෙහි ප්‍රධාන පර්යේෂක වෛද්‍ය රොබර්ට් මොන්ට්ගොමරි මාධ්‍ය වෙත සඳහන් කර ඇත