රැකියා වීසා නැතුව මෙරට සේවය කරන විදේශිකයන් හරවා යැවීමේ තීරණයක්

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රැකියා වීසා බලපත් නොමැතිව මෙරට තුළ සේවය කරන සියලු විදේශිකයින් වහාම රටින් පිටකරලීමට විධිවිධාන යොදන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ ඊට අදාළ සෙසු අංශ වෙත නියෝග කර තිබේ.

ඒ ස්වදේශ හා අභ්‍යන්තර කටයුතු හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා විසිනි.

රැකියා වීසා බලපත් නොමැතිව විදේශිකයන් ගණනාවක් ආගමික පාසල්වල සේවය කරන ලද බවට අනාවරණය වීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටටට පැමිණ ඇති විදේශිකයන් පිළිබඳව කරුණු සොයා බලා ඔවුන් මෙරට තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්ගඑච්ගඒග හලීම් යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි ආරක්ෂක කටයුතු වෙනුවෙන් විදේශිකයන් සම්බන්ධයෙන් ගතයුතු තවත් ක්‍රියාමාර්ග ගණනාවකට රජය එළැඹී ඇත.