ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවන්න රටවල් රැසක සහය – කිෂූ ගෝමස්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැංවීම සඳහා රටවල් රැසක සහයෝගය ලැබෙමින් ඇති බවත්, ඒ අනුව ඉදිරි මාස කිහිපය ඇතුලත මෙරට සංචාරක කර්මාන්තය යලි යථා තත්වයට ගෙන ඒමට හැකිවනු ඇතිබවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හා ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටී .

මෙරට ආරක්ෂක අංශ රටේ ආරක්ෂක තත්වය යතා තත්වයට ගැනීම සඳහා විධිමත් පියවරයන් ගනිමින් ඇති බවත් ඒ අනුව ඉදිරියේදී මෙරටට පනවා ඇති සංචාරක අනතුරු ඇඟවීම් ඉවත්කරගැනීමට අදාළ විදෙස් රටවල් පියවර ගනු ඇතිබවත් ජාත්‍යන්තර සී එන් එන් නාලිකාව හා මැදපෙරදිග රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවන්ට එක්වෙමින් ගෝමස් මහතා සඳහන් කළේය .

මේ දිනවල පැවැත්වෙන atm හෙවත් අරාබි ජාත්‍යන්තර සංචාරක සල්පිලේ දීද මෙරට සමග සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා ඉදිරියටත් ආයෝජන කිරීමට විවිධ රටවල ව්‍යාපාරික ආයතන ඉදිරිපත් වූ බවද, ගෝමස් මහතා මෙහිදී පැවසීය .

ගෝලීය ත්‍රස්තවාදය අද මුළු ලොවටම ත්රජනයක්ව ඇති බවත් , මෙම ගෝලීය ත්‍රස්තවාදය හේතුවෙන් අද ලොව සාමකාමීම , ආරක්ෂිතම රට හෙට ලොව අනාරක්ෂිතම රට විය හැකි බවත් , ගෝමස් මහතා මෙහිදී අවධාරණය කළේය .

එමනිසා ගෝලීය ත්‍රස්තවාදය මැඩලීම් සඳහා ලොව සියලු රටවල් අත්වැල් බැඳ ගතයුතු බවද ඔහු පැවසීය.

YouTube player