ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂා මහුමුද් කුරේෂිගේ මෙරට සංචාරය අත්හිටුවා තිබේ.
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් රටේ මතුවූ ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙනයි.
මෙරට රජයේ ආරාධනයකට අනුව නිල සංචාරයක නිරත වීමට විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් කර තිබුණි.
විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරය අවලංගු වූ පුවත සමග එරට පුවත් වාර්තා කර තිබුණේ ඉස්ලාම් ආගමේ රාමසාන් සැමරුම් මාසයට පෙර මෙරට තුළ යළිත් ප්‍රහාරයක් එල්ල කිරීමට අන්තවාදී ත්‍රස්තවාදීන් සූදානම් වන බවට ආරක්ෂක අංශ වෙත වාර්තා ලැබී ඇති බවයි.
මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරය කල්දැමීමට පියවර ගෙන ඇති ව ද එම පුවත් වාර්තා කළේය.