නවතම පුවත්

මෛත්‍රිට මඩ ගහන ලියුම් එක්ක කිරිඇල්ලගේ 3ක් අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ, රමේෂ් වරල්ලෙගම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය දැන සිටි බවට තොරතුරු පත්‍රිකා දෙකක් ඇතුළත් ලිපි තොගයක් තැපැල් කිරීමට පැමිණි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සේවකයන් තිදෙනෙක් කොටුව පොලිසිය විසින් අද සවස අත්අඩංගුවට ගෙන ඇත. කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවට මෙම ලිපි තොගය තැපැල් කිරීමට පැමිණි අවස්ථාවේ ඒ ගැන සැක සිතු තැපැල් නිලධාරින් වහාම කොටුව පොලිසිය ඒ පිළිබදව දැනුවත් කර ඇත. මේ අවස්ථාවේ කොටුව පොලිසිය භාර මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පැමිණ අදාල ලියුම් තොගයෙන් එක් ලිපියක් විවර කොට කියවා තිබේ. එය සම්පුර්ණයෙන්ම ජනාධිපතිවරයාට එරෙහි මඩ පත්‍රිකාවක් ලෙස නිර්මාණය කර තිබු බව කොටුව පොලිසිය සදහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇමැති කිරිඇල්ල මහතාගේ දැන්වීම් ප්‍රචාරක කටයුතු භාරගත් ආයනයේ නිලධාරියෙක්, අමාත්‍යංශ වෑන් රථයේ රියදුරු සහ අමාත්‍යවරයාගේ වීඩියෝ කැමරාකරු සිටින බව කොටුව පොලිසිය පවසයි. මේ පිළිබදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද දැනුවත් වී ඇති අතර කොටුව පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා