දම්පත් රණසිංහ
පාස්කු ඉරිදා ප්‍රහාර ඒල්ල කිරීමට යොදාගත් බෝම්බ, අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයාගෙන අන්තවාදීන් විසින්ම නිෂ්පාදනය කරගන්නා ලද බෝම්බ බවට විමර්ශනවලදි අනාවරණය වී තිබේ.
ඒ සදහා පුපුරණ ද්‍රව්‍ය මෙන්ම යූරියා, වෝටර් ජෙල් ඇතුළු රසායන ද්‍රව්‍ය කිහිපයක් එක් කරගෙන ඇති අතර ඒම අමුද්‍රව්‍ය සංයුතිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ වනවිට සොයාගෙන ඇත.
කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඒල්ලකරගෙන ඇත්තේ මෙම බෝම්බ සැකසූ පුද්ගලයා බවට නවතම විමර්ශනවලදී තහවුරු වී තිබේ.
ඒම බෝම්බකරු කලවංචිකුඩි පදිංචිකරුවකු බවත් ඔහු කල්මුණේ ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන ඇති බවත් පැවසේ.
ප්‍රහාරයේදී මියගොස් තිබූ මෙම බෝම්බකරු අපොස සාපෙළ විභාගයෙන් අතිවිශිෂ්ට සාමාර්ථ 9ක් (ඒ-9) ලබාගෙන කාත්තන්කුඩි පිහිටි අරාබි පාසලට ඇතුළත්ව උසස් පෙළ හැදැරීමට ගිය කාලයේදී අන්තවාදීන් සමග සම්බන්ධ වී ඇතැයි සදහන් ය.
බෝම්බ සෑදීම පිළිබද තොරතුරු දැනගෙන ඇත්තේතේ අන්තර්ජාලය ඔස්සේ බව ද අපරාධ පරීක්ෂණ නිලධාරින්ට හෙළිවී තිබේ.