දම්පත් රණසිංහ
තවමත් සිරියාවේ සිටින අයිඒස් ත්‍රස්ත සංවිධානයේ නායකයකුගේ මාපිය යුවළක් දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා සිරියාවේ සිටින අයිඒස් නායකයකු බව කියන තම පුතා සමග ඒහි වසර 2කට ආසන්න කාලයක් ගත කර ලංකාවට පැමිණ ඇත්තේ මෑතකදී ය.
න් පවසන ආකාරයට තම පුතා සිරියාවේ සුවිසල් නිවසක අතිසුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බවට රහස් පොලිස් නිලධාරීන්ට පවසා තිබේ.
තමන් ඒහි සිටි කාලයේදී ශ්‍රී ලංකාවෙන් අයිඒස් සංවිධානයට බැදුණු බොහොමයක් දෙනා මුණගැසුණු බවත් ඔවුන් රහස් පොලීසියට අනාවරණය කර ඇත.
මෙම මාපිය යුවළ පුතා බැලීමට සිරියාවට ගොස් ඇත්තේ ජෝර්දානයට ගොස් ඉන්පසුවයි.
තම පුත්‍රයා උපාධිිය දක්වා අධ්‍යාපනය හැදෑරූ අයකු බවත් මේ වනවිට ඔහුට අයිඒස් සංවිධානයේ ප්‍රබල තනතුරක කටයුතු කරන බව ද මාපිය යුවළ සාක්ෂි දෙමින් පවසා ඇත.