නවතම පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුභ ආරංචියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැනට භාවිතයේ පවතින අනුමත කොවිඩ් එන්නත් මගින් ඔමික්‍රොන් නව ප්‍රභේදයට එරෙහිවද සාර්ථක ආරක්ෂාවක් ලබාදෙන බව නවතම පර්යේෂණ හරහා  අනාවරණය වී ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් මහතා මේ පිළිබඳව  සඳහන් කරමින් අවධාරණය කර ඇත්තේ , අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව එන්නත මඟහැරයාමේ විශේෂ හැකියාවක් ඔමික්‍රොන් ප්‍රභේදය සතු බවට පැහැදිලි සාක්ෂි මෙතෙක්  හමුවී නොමැති බවය.

ඒ අනුව දැනට භාවිතයේ ඇති කොවිඩ් මර්ධන එන්නත් නිසි ලෙස ලබාගැනීම ඔමික්රොන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීමටද ප්‍රමාණවත් වනු ඇති බව ඔහු සඳහන් කර ඇත .

කෙසේ වෙතත් මෙම ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහල මට්ටමක පවතින බැවින් හැකිතාක් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කිරීම ඉතා වැදගත් බවද ඔහු සඳහන් කර ඇත

එහෙත් ඔමික්‍රොන් නව ප්‍රභේදය මගින් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත අර්ධ වශයෙන් මඟහැරයා හැකි බවට දකුණු අප්‍රිකාව පසුගියදා සිදුකළ සායනික පරික්ෂාවකින් අනාවරණය වූ බව පසුගියදා වාර්තා වුණි.

එම පර්යේෂණය මගින් හඳුනාගෙන ඇත්තේ නව ප්‍රභේදය මගින් එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය සීමාකරන බවය.

ඉන් එන්නතේ ආරක්ෂාව 40%කින් අවම කරන බවද දකුණු අප්‍රිකානු පර්යේෂකයින් පැවසීය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා