නවතම පුවත්

ඉන්දීය ආරක්‍ෂක මණ්ඩල ප්‍රධානී හා ඔහුගේ බිරිඳ ගුවන් අනතුරකින් මරුට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ බිරිඳ ගමන්ගත් හෙලිකොප්ටරය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී කඩා වැටී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිපදෙනෙකු මෙන්ම  කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බවය.

මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් ඉන් තිදෙනෙකු බේරාගෙන රෝහල වෙත යොමුකළ බවත් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

නමුත් එම යානයේ කිදෙනෙකු සිටියාද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු වී නොමැත.

එම අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එරට හමුදා බලධාරීන්ට නියෝග කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි