IS සමඟ එක්වූ නෝර්වීජියානුවන්ට මව්රට තහනම්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සිරියාවේ අයි.එස්. අයි.ඒස් ත්‍රස්තවාදීන් සමඟ එක්ව සටන් කොට ආපසු ‌නෝර්වේ වෙත එන මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදී නොර්වේ පුරවැසියනට කිසිදු සමාවක් ලබා නොදෙන බව එරට අධිකරණ අමාත්‍යංශය අවධාරණය කර සිටී.

මෙම අන්තවාදීන්ගේ භාර්යාවන්ට සහ දරුවන්ට ද නැවත නෝර්වේ රාජ්‍යයට ඇතුළුවීම තහනම් බවත් නොර්වේ අධිකරණ අමාත්‍ය ජොරාන් කාල්මියර් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පසුගියදා සඳහන් කර ඇත.

මෙම තහනම කඩ කරන වැඩිහිටියන්ට සිරගත වීමට සිදු වන අතර දරුවන්ට ළමා රැඳවුම් මධ්‍යස්ථාන වල ජීවත් වීමට සිදුවන බවද ඒ මහතා මෙහිදී පවසා ඇත.

කෙසේ වෙතත් නොර්වේ රජයේ මෙම තීරණයට ලොව විවිධ මානව හිමිකම් සංවිධාන වෙතින් විරෝධය එල්ලවෙමින් පවතී .