ශ්‍රී ලංකාව ඉන්දියාවේ විශ්වාසනීය හවුල්කරුවෙක් – ඉන්දීය විදෙස් ඇමති කියයි .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථිර සහ විශ්වසනීය හවුල්කරුවෙකු වීම යළිත් තහවුරු කළ බව ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් මහතා පවසයි
. ඔහු ඒ බව සඳහන් කළේ  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති හමුවකින් පසු ට්විටර් සටහනක් තබමිනි . එහිදී ඉන්දිය රජය විසින් ඉකුත්දා ලබාදුන් අමෙරිකානු ඩොලර් 900 කට අධික විනිමය සහන සම්බන්ධයෙන් සහ ඉන්දියාව එකඟවූ ණය මුදල පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වේ.

බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට පියිවර ගැනීම සම්බන්ධයෙන් ද ඉන්දිය විදේශ අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කර ඇත