නවතම පුවත්

ලෝක විවාහක රූ රැජින ඇමෙරිකාවෙන් – ලංකාවට සිව්වන තැන !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ  අමෙරිකානු විවාහක රූ රැජින දිනාගැනීමට සමත්වූවාය.

Shaylyn Ford නම් ඇය 37 වන වියේ පසුවන්නීය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා එක්වූ අතර ඇය එහි සිව්වන ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය.

මෙම තරගාවලිය සඳහා රටවල් 58ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා තැබූ සටහනක් පහත දැක්වේ .

“මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුණෙමි. තරගය ජයග්‍රහණය කළ පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ලබාගත් විවාහක රූ රැජිනියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට  හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.”

“එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි  ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන්  මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුළු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා