මෝදිගේ ජන්ද වැඩට යන , අපේ රටේ ‘මැණිකේ’

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ අනුකාරක ගීතයක් සිය උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයට යොදා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පාලක  භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ තේමා ගීතය මෙවර නිර්මාණය වී ඇත්තේ “මැණිකේ මගේ හිතේ” අනුවාදනයෙනි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ මැතිවරණය නුදුරේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්ෂයත් මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ එහි ජයග්‍රහණය වෙනුවෙනි.

මැතිවරණ ප්‍රචාරණ වෙනුවෙන් නිර්මාණය වුණු පක්ෂ තේමා ගීතය පසුගියදා එළිදැක්වුණි.

ගීතය නිර්මාණය වී තිබුණේ ශ්‍රී ලාංකේය නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන, ලොවක් කැලඹූ මැණිකේ මගේ හිතේ තනුවටය.

පසුගිය වසරේදී නිකුත් වුණු මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ දැවැන්ත ජනප්‍රියත්වයක් අත්පත් කරගත් අතර, එම ගීතය යූටියුබ් නැරඹුම් වාර මිලියන 200 ද මේ වන විට අභිබවා ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තවමත් අඩු නොවූ ජනප්‍රියත්වය හේතුවෙන්ම එම ගීතය මෝදිගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවය.

https://www.youtube.com/watch?v=lZsKVheixcI