“විදේශිකයින්ට පමණයි” නම් බලපත්‍රය අහෝසියි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචාරක පහසුකම් සපයන ආයතන සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එයින් දන්වා ඇත්තේ, දේශීය සංචාරකයින්ට නොසලකමින් “විදේශිකයන්ට පමණයි” ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නම් එම අයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බවය.

එමෙන්ම එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරියේදි මේ සම්බන්ධයෙන් දේශීය සංචාරකයින්ගෙන් විධිමත් ලෙස පැමිණිලි ලැබුණහොත් අදාළ ආයතන ගැන නීතිමය පියවර ගැනීමට නොපසුබට නොවන බවය.

එමෙන්ම එම ආයතනවල බලපත්‍ර අවලංගු කර ඒ පිළිබඳව සියලුම සංචාරකයින් දැනුම්වත් කිරීමට ද කටයුතු කරන බව ද සංචාරක සංවර්ධන අධිකාරිය අවධාරණය කර තිබේ.

එමෙන්ම දේශීය සංචාරකයින් ද සංචාරක ආයතනවලට ගොස් සිය අවශ්‍යතා සපුරා ගැනීමේදී විධිමත් ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු බවද දන්වා එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.