විදුලි බල මණ්ඩලයට , දින 08කට ප්‍රමාණවත් තෙල් තොගයක් ලැබෙයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි දින 08ක කාලය සඳහා විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඩිසල් මෙට්‍රික් ටොන් 10,000ක් අද දිනයේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ දිනයේදී මහ බැංකුව විසින් ඩොලර් ලබාදීම නිසා නෞකා දෙකකින් ඩිසල් මෙට්ට්‍රික් ටොන් 35,000ක් ඊයේ දිනයේදී ගොඩබෑමට කටයුතු කරනු ලැබූ බවයි.

” දෛනික විදුලිබල නිෂ්පාදනය සඳහා විදුලිබල මණ්ඩලයෙන් මෙට්ට්‍රික් ටොන් 1,500ක් අවශ්‍ය බවට පැවසුවා. ඒ අනුව මම උපදෙස් දුන්නා ඊයේ දිනයේදී ගොඩබානු ලැබූ ඩිසල් තොගයෙන් මෙට්ට්‍රික් ටොන් 10,000ක් නිකුත් කරන්න කියලා. ඒ අනුව ඉදිරි දින 08ක කාලය සඳහා විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීම සිදුකරනු ලැබුවා” යයි  අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  සඳහන් කර සිටි.