ගෑස් උදුන් පිපිරීමට ප්‍රධානතම හේතුවක් අනාවරණය වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් කාන්දු හේතුවෙන් සිදුවන උඳුන්වල පිපිරීම්වලට ප්‍රධානතම හේතුවක් වන්නේ  එම උඳුන් නිසි ප්‍රමිතියෙන් තොරවීම බව ගෑස් උඳුන් අළුත්වැඩියා කරන්නන් පවසයි .

ඔවුන් සඳහන් කළේ තමන් වසර ගණනක් පුරා මෙම කර්මාන්තයේ නිරත වන අතර මෙලෙස හානියට පත් උඳුන් බොහෝමයක් වීදුරු සහිත ගෑස් උඳුන් බවයි.

ගෑස් උඳුන් නිසිලෙස පිරිසිදු නොකිරීම ද, ඒවා හානියට පත්වීමට තවත් එක් හේතුවන් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

බොහෝ ගෑස්බට සහ රෙගියුලේටර් නිසි ප්‍රමිතියෙන් තොර ඒවා බවත්, මේ හේතුවෙන් වසර 02 කට වරක් හෝ ඒවා නැවත මාරුකළ යුතු බවයි ගෑස් උඳුන් අලුත්වැඩියා කරන්නන් වැඩිදුරටත් සඳහන් කළේ.