කොවිඩ් නිසා නැතිවුණු අවුරුදු දෙක ,නැවත ජනපතිට ලබාදෙමු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීය යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවාය.

ඒ අනුව  පාර්ලිමේන්තුවේ කාලයද වසරකින් දෙකකින් දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය මෙහිදී  සඳහන් කළාය.

ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

කොවිඩ් නිසා අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත්  ඇය කීවාය.

කොවිඩ් අර්බුදය නිසා මුළු ලෝකයම ගැටළුවලට මුහුණදී සිටින බවත් දියුණු රටවල පවා  අද පෝලිම් පවතින බවත් ඇය මෙහිදී පැවසීය