නීති විරෝධී ලෙස දුර්ලභ කෘමීන් එකතු කිරීම සම්බන්ධයෙන් රුසියානු විද්‍යාඥයින් තිදෙනෙකුට ඩොලර් 14,419 බැගින් දඩ නියම කිරීමට ශ්‍රී ලංකා අධිකරණයක් නියම කල බවට රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් දඩය ගෙවන තුරු රට හැර යාමට නොහැකි වනු ඇති බව මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර කමිටුවේ රුසියානු කාර්යාලයේ උප සභාපති අයිවන් මෙල්නිකොව් පවසා ඇත.
ඇලෙක්සැන්දර් ඉග්නාටෙන්කා සහ ඔහුගේ සගයන් වන නිකොලෙයි කිලයිෆ්යන් සහ අර්තයොම් රියෙබාව් හට ඩොලර් 14,419 බැගින් දඩමුදල් මෙලෙස නියම විය.
රුසියානුවන් තිදෙනා 2022 මාර්තු 21 දිනට පෙර දඩය ගෙවීමට අපොහොසත් වුවහොත් සිරගත කරනු ලබන බව ද එම වාර්තාවේ සඳහන් ය.
රුසියානුවන්ට අත්හිටවූ සිරදඬුවමක් ලැබුණු බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය යැයි පැවසූ ඔහු ඔවුන්ට නියම කළේ දඩයක් පමණක් බව ද කියා සිටියේය.
වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ නම් ඔවුන්ගේ නඩුව වසර ගණනාවක් පැවතිය හැකි බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.
විද්‍යාඥයින් තිදෙනා කියා සිටින්නේ තමන් මිය ගිය කෘමීන් එකතු කර ඡායාරූප ගත කළ බවත් ඒවා ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රවාහනය කිරීමට අදහසක් නොතිබූ බවත්ය.
ඔවුන් දේශීය නීතියට අනුව ස්වභාවික රක්ෂිතයෙන් පිටත ද එය රැගෙන ගොස් ඇත.
රුසියානුවන් තිදෙනාම රැඳවුම් භාරයෙන් නිදහස් කර ඇති නමුත් දඩ නොගෙවුවහොත් නැවත අත්අඩංගුවට ගත හැකි බව මෙල්නිකොව් පැවසීය.