“අයවැයෙන් වැඩ ලක්‍ෂයක්” 

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

“අයවැයෙන් වැඩ ලක්ෂයක්“ නමින් හඳුන්වන එම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍රකර ගනිමින් ලබන මස 3 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය.

ආර්ථික අභියෝග ජය ගැනීමේ අරමුණින් නිෂ්පාදනය වැඩිකර ආදායම් ඉහළ නැංවීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති මෙන්ම වෙළෙඳ, නිවාස වැඩසටහන ඇතුළුව විවිධ ක්ෂේත්‍රවලට අයත් සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කළේය.