නවතම පුවත්

තෙල් නැව් ප්‍රමාදයි – හෙට සිටම විදුලිය කැපෙන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙට සිය පැයක සහ අනිද්දා පැය 02 කට ආසන්න කාලයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන විදුලි ඉංජිනේරු සංගමය පවසයි .

ඒ පිළිබඳ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට හෙට දිනයේ ලබාදෙන බව එම සංගමය අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළහ .

එම සංගමයේ සම ලේකම් ධම්මික විමලරත්න එහිදී සඳහන් කළේ ලැබී ඇති තොරතුරු අනුව දැවිතෙල් රැගත් කිසිඳු නෞකාවක් මෙම කාලසීමාවේදී දිවයිනට ලගා නොවනු ඇති බවයි.

වර්ෂාව නොමැතිවීමෙන් ජල විදුලිබලාගාරවල විදුලි උත්පාදනයට ද ඉදිරියේදී බාධා එල්ල විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එසේ වුවහොත් මාර්තු මාසය අගවනවිට මෙරට විදුලි අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බවද   විදුලි ඉංජිනේරු සංගමයේ සම ලේකම් ධම්මික විමලරත්න වැඩිදුරටත් පැවසුවේය .

කෙසේවෙතත් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට උත්සහ දරන බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා