නවතම පුවත්

ඔබගේ ‘රුධිර වර්ගයට’ ගැලපෙන්න , ආහාර ගන්නේ මෙහෙමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

1996 වසරේදී  දී ‘පීටර් ඩී ඇඩමෝ’ නම් ස්වභාව වෛද්‍ය වෛද්‍යවරයා විසින් සුවිශේෂී ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කළේය . එහිදී ඔහු , පුද්ගලයින්ගේ  රුධිර වර්ගය හා ආහාර ගැනීම අතර ඇති ඉතා වැදගත් සබඳතාවයක්  පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක්  අනාවරණය කළේය .

ඒ අනුව පුද්ගලයින් ,තම තමන්ගේ   රුධිර වර්ගය අනුව ආහාර ගැනීම සිදුකළහොත් , ඉතා  සෞඛ්‍ය සම්පන්න, ජීවිතයක් ළඟාකරගත හැකි ආකාරය,පිළිබඳව  ඔහු එම  ග්‍රන්ථයෙන්, විස්තර කළේය.

ආහාරය සඳහා කුළු බඩු වර්ග  යොදාගැනීම ,පවා ,  තම රුධිර වර්ගය අනුව සිදුකල   යුතු බව ‘ඇඩමෝ’ තම ග්‍රන්ථය ඔස්සේ අවධාරණය කළේය. .එසේම එදිනෙදා සිදුකරන ව්‍යායාමවුවද , තම රුධිර වර්ගයට ගැලපෙන ලෙස සිදුකල යුතු  බව අඩමෝ සඳහන් කළේය . මෙම සුවිශේෂී හා ආන්දෝලනාත්මක කරුණු හේතුවෙන්ම එම ග්‍රන්ථය  ඉතා කෙටි කලක් තුල  ඉතා ඉහල ජනප්‍රියතාවයක් අත්පත් කරගත්තේය .

මෙම ග්‍රන්ථය නිසාම බොහෝ පිරිසක් , තම රුධිර වර්ගය කුමක්ද යන්න සෙවීමට උනන්දු වූ අතරම , ඊට ගැලපෙන පරිදි ආහාර ගැනීමටත් , ව්‍යායාම කිරීමටත් පෙළඹිණි .

මෙම සුවිශේෂී ග්‍රන්ථයේ අඩංගු වූ වැදගත් කරුණු කිහිපයක් ඔබේ දැනගැනීම පිණිස පහත දක්වා ඇත .

O වර්ගයේ රුධිරය  ඇති අය ප්‍රෝටීන් බහුල ආහාර තෝරා ගත යුතු අතර ඒ අනුව ඔවුන්   මස්, එළවළු, මාළු සහ පලතුරු වැඩිපුර අනුභව කළ යුතුය . නමුත් ධාන්‍ය, බෝංචි සහ රනිල කුලයට අයත් ආහාර සීමා කළ යුතුය. ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා , ඔවුන්ට  මුහුදු ආහාර, කෙල්ප්, රතු මස්, බ්රොකොලි, නිවිති සහ ඔලිව් තෙල් වඩාත් සුදුසුවේ .; එසේම ඔවුන්  තිරිඟු , ඉරිඟු සහ කිරි නිෂ්පාදන වලින් වැළකී සිටිය යුතුය .

A වර්ගයේ රුධිරය ඇති අය පලතුරු, එළවළු,  මුහුදු ආහාර, සහ ධාන්‍ය  වර්ග ආහාරයට  තෝරා ගත යුතුය කෙසේ වෙතත් ඔවුන්  මස් මාංශ අනුභවයෙන් වැලකිය යුතුය. ශරීරයේ  බර අඩු කර ගැනීම සඳහා මුහුදු ආහාර, එළවළු, අන්නාසි, ඔලිව් තෙල් සහ සෝයා සුදුසුවේ. නමුත් එහිදී  ඔවුන්  කිරි, තිරිඟු, ඉරිඟු සහ  බෝංචි ආහාරයට ගැනීමෙන්  වැළකිය යුතුය .

B වර්ගයේ රුධිරය ඇති අය මස්, පළතුරු, කිරි, මුහුදු ආහාර සහ ධාන්‍ය ආදී ආහාර තෝරා ගත යුතුය. ශරීරයේ  බර අඩු කර ගැනීම සඳහා, හරිත එළවළු, බිත්තර, වැල්මී තේ ආදිය තෝරා ගත යුතු නමුත් කුකුළු මස්, බඩ ඉරිඟු, රටකජු සහ තිරිඟු ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුය .

AB වර්ගයේ රුධිරය ඇති අය කිරි, ටෝෆු, බැටළු මස්, මාළු, ධාන්ය වර්ග, පළතුරු සහ එළවළු අනුභව කළ යුතුය.  ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ඔවුන් , , මුහුදු ආහාර, හරිත එළවළු සහ කෙල්ප් වැනි ආහාර භාවිතයට ගත යුතුය . නමුත් කුකුළු මස්, බඩ ඉරිඟු,  බෝංචි යන ආහාර වලින් වැළකී සිටිය යුතුය .

 

මේ පිළිබඳව හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ HARVARD HEALTH BLOG හි පළවූ සම්පූර්ණ ලිපිය මෙතනින් .

 

 

(පැතුම් වික්‍රමරත්න )

[email protected] 


		
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්