නවතම පුවත්

ඇමෙරිකා – රුසියා සීතල යුද්ධ රත්වීම ඇරඹෙයි

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

රුසියාවට එරෙහිව අමෙරිකාව සහ නේටෝ සංවිධානයට අයත් රටවල් ඕනෑම සන්නද්ධ අරගලයකට මේ වන විට සූදානමින් පසුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි .

ඒ, රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් යුක්‍රේන දේශසීමා ආසන්නයට කැඳවීමට තීරණය කර ඇති පසුබිමකය

අමෙරිකාව පවසන්නේ ඉතා කෙටි දැනුම්දීමකින් වහාම ක්‍රියාත්මක වන පරිදි කැඳවීම සඳහා හමුදා බටයින් 8,500 ක් සීරුවෙන් තබා ඇති බවයි.

නේටෝ සංවිධානයට සම්බන්ධ ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ නෙදර්ලන්තය මේ වන විටත් තීරණය කර ඇත්තේ කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා ප්‍රහාරක ජෙට් යානා සහ යුධ නෞකා යොමු කරවීමටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විටත් අමෙරිකාවට අයත් පතොරම් ඇතුලු යුධ උපකරණ ටොන් 90 ක් යුක්‍රේනයට රැගෙනවිත් ඇති බවයි.

හමුදා සාමාජිකයින් ලක්ෂයක් යුක්‍රේන දේශසීමා ආසන්නයට කැඳවා ඇතත් යුක්‍රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබෙ

අමෙරිකානු බුද්ධි අංශ ද පවසා ඇත්තේ යුක්‍රේනය ආක්‍රමනය කිරීමට රුසියාව තීරණය කර ඇති බවට තොරතුරු නොමැති බවයි.

කෙසේවෙතත් අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය දැන් තීරණය කර ඇත්තේ යුක්‍රේනයේ සිටින රාජතාන්ත්‍රික පවුල්වල සාමාජිකයින් පවා එරටින් ඉවත් කර ගැනීමටයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි