නවතම පුවත්

ඔමික්‍රෝන් මැඩලන එන්නත අත්හදාබලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි නව එන්නතක සායනික අත්හදාබැලීම් ආරම්භ කළ බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් නිවේදනය කර තිබේ.

බූස්ටර් මාත්‍රාවක් වන මේ එන්නත මඟින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට අපේක්ෂිතය.

අවුරුදු 18ත් 55ත් අතර නිරෝගී පුද්ගලයන් 1,420 දෙනෙකු යොදාගෙන සිදුකරන අත්හදා බැලීමේදී එන්නතේ ආරක්ෂාව, එහි බලපෑම, රෝගියෙකුට දරාගත හැකි මට්ටම හා ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර මට්ටම සම්බන්ධයෙන් ඇගයීමට ලක්කෙරේ.

මේ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ හටගත් කොවිඩ් රැල්ල ඉදිරි සති කිහිපයේ තියුණු ලෙස වර්ධනය වනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

ඔමික්‍රෝන් මේ වන විට ඉන්දියාවේ සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයට පත්වී ඇති අතර රෝහල් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්