අසංක නවරත්න
විදුලි උත්පාදන බලාගාරවල තත්ත්වය, ඉන්ධන සැපයුම පිළිබඳ සලකා බලා අද (27) දිනයේදී ද විදුලි කප්පාදුව පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය ද මේ වනවිට අක්‍රිය කර තිබීම හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයුම ප්‍රමාණවත් බැවින් අද දිනය දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළ යුතු බවට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබුණි.
මේ අතර විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන ලෙස පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ද අදාළ අංශ වෙත උපදෙස් දුන් බව බලධාරිහු පවසා තිබුණි.