පානදුර වෙන්දේසිවත්තේ භීතිය පැතිරූ භූතයා එළියට

Picture of Roshan

Roshan


දම්පත් රණසිංහ

පානදුර – නන්ලුරුව දිබ්බැද්ද වෙන්දේසිවත්තේ නිවෙස්වලට රාත්‍රී කාලයේ ගල් සහ වීදුරු බෝතල් ප්‍රහාර එල්ලකරමින් අනියත අමනුෂ්‍ය බියක් ඇති කල පුද්ගලයකු පිංවත්ත පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ති‍බේ.

මාස එකහාමාරක සිට වෙන්දේසිවත්තේ ජනතාව මේ හේතුව නිසා දැඩි පීඩනයට ලක්ව සිටි අතර ඇතැම් පුද්ගලයින් නිවාස අතහැර ගොස් තිබුණි.

මේ සම්බන්ධයෙන් ජනතාව පොලීසියට පවා පැමිණිලි කර තිබූ අතර  පොලීසිය විමර්ශන පැවැත්වීමට පැමිණි අවස්ථාවන්වලදීද ගල් ප්‍රහාර නිවෙස්වලට එල්ලවී තිබුණි.

ප්‍රදේශවාසීන්ගෙන් ඇතැමකු භූතයකු යැයි සිතූ මෙම පුද්ගලයා ප්‍රදේශයේම පදිංචි 22 හැවිරදි තරුණයෙක් බව පොලීසිය කියයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු නිවෙස්වලට රාත්‍රී කාලයේ එල්ලවුණු ගල් ප්‍රහාර නතර වී ඇති බවය.