ලංවිම – කෘෂි සභාපතිලා දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

Picture of Roshan

Roshan


දම්පත් රණසිංහ

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ඉල්ලා අස්වීම භාර දී තිබේ. ඒ ලබන පෙබරවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ය.

ඊයේ 26දා) දිනැති එම ලිපියේ තමන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික හේතුවක් බව සඳහන් කර ඇත. ෆර්ඩිනැන්ඩු මහතා සිය ලිපියෙන් විදුලිබල මණ්ඩලයේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරි කටයුතු සඳහා සුබ පතා ඇත. තමාව විදුලිබල අමාත්‍යවරයා වෙත නිර්දේශ කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කර ඇතැයි වාර්තා වේ.

මේ අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතීඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා ද ඉල්ලා අස්වී තිබේ. කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා යොමුකර ඇත්තේ පෙරේදා (25) දිනයේදීය.

මෙම ඉල්ලා අස්වීමට හේතුවක් නිෂ්චිත ලෙස අනාවරණය වන්නේ නැත. එහෙත් ඔහුට එරෙහිව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවකයින් පසුගිය දිනවල විරෝධතා දැක්වීමක් සිදුවිය.