අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහගේ දේහය අද දිවයිනට

Picture of Roshan

Roshan


අසංක නවරත්න

ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත ප්‍රවීන ගායිකා, සංගීත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය අද (27) මෙරටට රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනය කර තිබේ.

නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හේතුවෙන් ඉතාලියේ මිලානෝ නුවරදී ඉකුත් 17 වැනිදා අභාවප්‍රාප්ත විය.

විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවය.