මෙරට මූල්‍ය සමාගම් රැසක් ඉහළ ලාභ ලබයි

Picture of Roshan

Roshan

Business Graph showing profits and gains. 3d business background

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් කිහිපයක් විසින් මේ වන විට 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵලවලට අනුව ඉතා සාර්ථක කාර්යසාධනයක් වාර්තා කිරීමට එම සමාගම් සමත්ව ඇත.

සිංගර් ෆිනෑන්ස් සමාගම රු. මිලියන 187.54 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. එය 2020 වසරේ අදාළ කාර්තුවෙහි අගය වූ රු. මිලියන 86.21 ට සාපේක්ෂව 118% ක වැඩිවීමකි.

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී රු. මිලියන 95.99 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇත්තේ 2020 වසරේ අදාළ කාර්තුවේ දී රු. මිලියන 196.73 ක බදු පසු අලාභයක් වාර්තා කර තිබුණු පසුබිමක දීය.

මේ අතර එල් බී ෆිනෑන්ස් සමාගම රු. බිලියන 2.88 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් 2021 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී වාර්තා කර තිබෙන අතර 2020 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී වාර්තා කර තිබූ රු. බිලියන 1.69ක ලාභ අගයයට වඩා එය 70% ක වර්ධනයකි.

වැලිබල් ෆිනෑන්ස් සමාගම 2021 දෙසැම්බර් කාර්තුව වෙනුවෙන් වාර්තා කර ඇති බදු ගෙවීමන් පසු ලාභය රු. මිලියන 720.52 කි. එය 2020 වසරේ අදාළ කාර්තුවේ ලාභ අගය වූ රු. මිලියන 436.31 ට වඩා 65% ක ඉහළ යාමක් වේ.