නවතම පුවත්

කටාර්හි සේවය කළ ලාංකිකයෙක් වෙඩි තබා මරලා

Roshan

Roshan


අසංක නවරත්න

දෝහා කටාර්හි හි අල්-වාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයකුට පසුගියදා (26) වෙඩි තබා ඝාතනය කර තිබේ.

එම නිවාස සංකීර්ණයට එරට තරුණයකු හා කාන්තාවක පැමිණ ඇති අතර ලාංකික ආරක්ෂක නිලධාරියා ඔහුගෙන් හැඳුනුම්පත ඉල්ලා ඇත. සාක්ෂිකරුවන් පැවසුවේ ඔහුගේ හැඳුනුම්පත ඉදිරිපත් නොකිරීම නිසා ආරක්ෂකයා විසින් ඇතුල්වීම ප්‍රතික්ෂේප කළ බවත්ය.

ඉන්පසුව අදාළ තරුණයා ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා පරිශ්‍රයෙන් පලා ගොස් ඇත. මෙම වෙඩිතැබීමෙන් ආරක්ෂක නිලධාරියාගේ සගයාට ද තුවාල සිදුවී ඇත.

කටාර් ජාතිකයකු බව කියන වෙඩික්කරුවා එක් වරකට වඩා වෙඩි තබා ඇති බව දුටුවෝ පවසති. කෙසේවෙතත් ප්‍රහාරයෙන් පසු වහාම පාහේ තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

ඔහු මේ වන විට රජයේ අභිචෝදකයා වෙත යොමු කරතිබේ. මියගිය ලාංකික ආරක්ෂකයා තිදරු පියෙකි. ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වන බැවින් ඔහු නැවත සිය මව් රටට යාමට නියමිතව තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්