සිංගප්පූරු රජය මාධ්‍ය අතට ගනී – ‘ව්‍යාජ පුවත් විරෝධී පනත’ සම්මතයි

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සිංගප්පූරු රජය ආන්දෝලනාත්මක ‘ව්‍යාජ පුවත් විරෝධී’  පනත සම්මත කරගෙන තිබේ.

ඒ පාර්ලිමේන්තුව උණුසුම් කළ දින 2ක විවාදයකින් අනතුරුවයි.

සිංගප්පූරු රජය මෙම පනත සම්මත කරගනු ලැබුවේ ජනමාධ්‍යවේදීන්, අධ්‍යාපනඥයින් මෙන්ම ලෝ සුපතළ ජාත්‍යන්තර තාක්ෂණ සමාගම්වල විරෝධය ද නොතකමිනි.

භාෂණයේ නිදහස හා බලය අනිසි ලෙස භාවිත කරන බවට සිංගප්පූරුව මෙන්ම ලොව පුරා ද මෙම පෙනත සම්බන්ධයෙන් ‌චෝදනා ඒල්ල විය.

නව පනත යටතේ යම් පුවතක් ව්‍යාජ ඒකක් බවට චෝදනා කරමින් නිවැරදි කරන්නැයි ඉල්ලා සිටීමට, පුවත් අන්තර්ගතය වෙනස් කිරීමට, ඉවත් කිරීමට, පුවත් වෙබ් අඩවි තහනම් කිරීමට මෙන්ම ව්‍යාජ පුවත් පළකරන්නන්ට දඩ මුදල් හා සිර දඩුවම් පැමිණවීමට ද අති විශාල බලයක් මෙමගින් රජය ලබාගෙන තිබේ.

මෙම පනතට විරෝධය දක්වන්නන් චෝදනා කර සිටින්නේ රජයේ නිලධාරීන්ට පෙර නොවූ විරූ ආකාරයෙන් මාධ්‍ය හැසිරවීමට මෙලෙස බලතල ලබාදීම මගින් ‘මාධ්‍ය ජනතාවගේ සතුරෙකි’ යන ගෝලීය වශයෙන් ලේබලයක් ඇලවීමට සිංගප්පූරු රජය කටයුතු කර ඇති බවයි.

ලොව මාධ්‍ය නිදහස අතින් වන ශ්‍රේණිගත කිරීම්වලදී  සිංගප්පූරුව රටවල් 180 කින් 151 වැනි ස්ථානයේ පසුවිය.