මෙරට ඖෂධ හිඟයට , චීනයෙන් , ඉන්දියාවෙන් විසඳුම්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට මතුව ඇති ඖෂධ හිඟය පියවා ගැනීමට  චීනයෙන් හා ඉන්දියාවෙන් ආධාර ලැබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි .

, විශේෂයෙන් එම රටවල ආධාර වැඩසටහන් හරහා  ඍජුවම ඖෂධ මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය .

මෙරට තුල ඖෂධ වර්ග 80 ක පමණ හිඟයක් ඇති බවට විපක්‍ෂය සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත් , දැනට යම් හිඟයක් පවතින්නේ  ඖෂධ වර්ග කිහිපයක පමණක් බවත් ඒ මහතා පැවසීය .

එසේම එසේම මෙරටට අවශ්‍ය අන්ටිජන්  පරීක්ෂණ කට්ටල ලක්ෂ හතරක් පමණ ඉදිරි දිනක කිහිපය තුළ ලැබීම්ට නියමිත බව ද මාත්‍යවරයා පැවසීය