නවතම පුවත්

ඊ.පී.එෆ්-ඊ.ටී.එෆ් වලින් බදු අය කිරීම ගැන එකඟ නැහැ – කම්කරු ඇමති !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ (ඊ.ටී.එෆ්) මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් වලින් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණයට විරුද්ධවීමට අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.

එම තීරණය මහාභාණ්ඩාගාරයට සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන් බව පැවසූ අමාත්‍යවරයා එම බදු මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කළේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම අර්ථ නිරූපණය වැරදි හෙයින් එය නිවැරදි කළ යුතු බවද මේ සම්බන්ධයෙන් වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්නම් එය වෙනම විවාද කළ යුතු කාරණයක් බවද ඔහු පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලින් මෙලෙස බදු අය කිරීමට විරුද්ධ වන බවයි.

ට්‍රිලියන 3ක මූල්‍යමය වටිනාකම් සහිත මෙම අරමුදල්වල ලාභයවූ බිලියන 250 ට සියයට 5 බැගින් බදු ගසා බිලියන 65ක මුදලක් තම ගෝලබාලයන්ට වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවත් ජනතාව දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල් මෙලෙස පික්පොකට් ගැසීම කිසිසේත්ම අනුමත නොකරන බවත් ඔහු පැවසුවේය.

සුරතලුන්ගේ ව්‍යාපෘතිවලට මෙලෙස ජනතාවගේ මුදල් ලබාදීම මහ දවල් සිදුවන මහ මංකොල්ලයක් බවට විපක්ෂනායකවරයා චෝදනා කළේය.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි