මෙරට කාන්තාවන්ගෙන් 68%ක් තවමත් ශ්‍රම බළකායේ නෑ

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනයෙන් බහුතරයක් ශ්‍රම බළකායට ඇතුළත් වුවද කාන්තාවන්ගෙන් ඊට සහභාගි වනුයේ සුළු අනුපාතයක් බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේදී මේ කරුණු අනාවරණය වී ඇත.

ඒ අනුව 2020 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනයෙන් 72%ක් මෙරට ශ්‍රම බළකායට ඇතුළත් වී ඇත.

එහෙත් කාන්තා ජනගහනයෙන් ශ්‍රම බලකායට ඇතුලත් වී ඇත්තේ 32% ක් පමණි.

වැඩ කරන වයසේ ජනගහනයෙන්, එනම් වයස අවුරුදු 15 හෝ ඊට වැඩි ජනගහනයෙන් කොපමණ ප්‍රතිශතයක් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ද යන්න ශ්‍රම බල සහභාගිත්ව අනුපාතය යන්නෙන් අදහස් වේ.

එම දෙපාර්තමේන්තුව විසින් අදාළ සමීක්ෂණය කරන කාලය තුළදී මෙරට තුළ රැකියා වියුක්තව හෝ රැකියා නියුක්තව සිටියේද යන්න මෙහිදී සළකා බැලේ.