කොරෝනා වෛරසය සක්‍රීයව පවතින දින ගණන හෙළිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු තුළ එම වෛරසය සක්‍රීයව පවතින්නේ දින 5 ක පමණ කාලයක් බව මේ වනවිට අනාවරණ වී ඇතැයි  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි .

කොරෝනා ආසාදිතයින්ගේ නිරෝධායන කාලය සතියක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුව බවද  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේය .

මීට පෙර මෙම වෛරසය ශරීරය තුල පවතින කාලසීමාව පිළිබඳව නිශ්චිත අදහසක් නොතිබූ  , නමුත් නවතම  පර්යේෂණ හරහා  මේ පිලිබඳව කරුණු අනාවරණය වී ඇති බවද ඒ මහතා පැවසීය .