හෙට රටටම විදුලිය කැපෙයි

Picture of අසංක

අසංක

ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සිදු නොවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉල්ලීම මත හෙට ( 21) දිනට නියමිත විදුලි කප්පාදුව අනුමත කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.

දකුණු පළාත හැර සෙසු ප්‍රදේශවල හෙට පෙරවරු 8.30 සිට රාත්‍රී 7.30 දක්වා පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

දකුණු පළාතේ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.