මාසයක් ජීවත්වෙන්න අයෙකුට වියදම කොළඹ නම් 6400යි – මාතර නම් 5600යි

Picture of අසංක

අසංක

6ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2022 ජනවාරි නිල දරිද්‍රතා රේඛාවට අනුව මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට මාසයකට අවශ්‍ය වන්නේ රුපියල් 5,908ක මුදලක් පමණි.

මාසිකව මෙම ගණනය කිරීම ජනහා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව විසින් කරනු ලබයි.

2002 වසරේ සිට මේදක්වා කාලය තුළ ද්‍රරිද්‍රතා රේඛාවේ ඉහළම අගයක් වාර්තාකර ඇත්තේ 2022 ජනවාරි මාසයේදීය.

2002 වසරේ එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මාසයකට අවශ්‍ය වූයේ රුපියල් 1423ක් බව සංඛයාලේඛන දෙපාර්තමේන්තුවේ එම දරිද්‍රතා රේඛාවට අනුව පෙනී යයි.

දිස්ත්‍රික් අනුව මෙම ගණනය කිරීම් කර ඇති අතර ඊට අනුව අඩුම වියදමකින් ජීවත්වීමට හැකි දිස්ත්‍රික්කය වන්නේ මාතරය. රුපියල් 5646 කින් මාතර දිස්ත්‍රික්කයේ දී එක්පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා මාසකට සපුරා ගැනීමට හැකියාවක් පවතී.

වැඩිම වියදමක් දරන්නට සිදුවන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. එම ගණන රුපියල් 6414කි.