සිසුන් කොටස් වශයෙන් පාසල් වෙත කැඳවනු ලබන්නේ රට තුළ මේ වනවිට පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි . කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාලෝචනය කර පාසල් කටයුතු යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ .
පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 20 ක් හෝ ඊට අඩු නම් , සතියේ දින පහේ එම පන්ති පැවැත්විය හැකි බවයි බලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නේ. එහෙත් එක් පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව 21 සිට 40 දක්වා වේ නම් පන්තියේ සිසුන් කණ්ඩායම් 2 කට වෙන්කර සතියක් හැර සතියක් ලෙස පන්ති පැවැත්වීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙ.
සිසුන් 40 ට වඩා වැඩි පන්ති සමාන කොටස් 3 කට වෙන්කර ඒවායෙහි අධ්‍යයන කටයුතු හෙට සිට පැවැත්විය යුතු වේ..
කෙසේවෙතත් නව පාසල් වාරයේදී එලෙස සිසුන් කැදවීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ
රට තුළ පවතින ඉන්ධන හිගය හේතුවෙන් පාසල් පද්ධතිය තුළ ද ගැටළු රැසක් ඇති බවයි