ඉන්දියාවේ උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ, මහ කොමසාරිස් කාර්යාලය පහත දැක්වෙන ICCR ශිෂ්‍යත්ව සඳහා 2022-2023 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත.

• නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන: මෙම වැඩසටහන මගින් ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර සහ කලා ඇතුළු සියලුම (වෛද්‍ය/පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණ සහ නීති පාඨමාලා හැර) උපාධි පාඨමාලා ආවරණය කෙරේ.

• මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන: මෙම වැඩසටහන මගින් ඉංජිනේරු, විද්‍යා, ආර්ථික විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර සහ කලා ඇතුළු සියලුම (වෛද්‍ය/පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණ සහ නීති පාඨමාලා හැර) ශාස්ත්‍රපති උපාධි පාඨමාලා (Masters) ආවරණය කෙරේ. කෙසේ වෙතත්, ඉංජිනේරු, විද්‍යා සහ කෘෂිකර්මය යනාදි අංශයන්ට ප්‍රමුඛත්වය දෙනු ඇත.

• රජීව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන: B.E හෝ B.Tech උපාධියක් දක්වා යොමු වන “තොරතුරු තාක්ෂණ” ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා මෙයට ඇතුළත් වේ.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඉන්දීය රජය සුදුසුකම් සපුරාලන, දක්ෂ ශ්‍රී ලාංකිකයන් තෝරා ගනු ලබයි. ඉන්දියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයන්හි උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්කරුවන් තෝරා ගනු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේය. සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සම්පුර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදානයක් ලබා දෙනු ලැබේ. තෝරා ගනු ලබන අයදුම්කරුවන්ට විශ්ව විද්‍යාලය ඇතුළත නේවාසිකාගාර පහසුකම්ද සපයනු ලැබේ.එසේම සියලුම ICCR ශිෂ්‍යත්වලාභීන් සඳහා ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපල වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික දීමනාවක්ද වෙනත් දීමනා රැසක්ද ලබා දෙයි.අවශ්‍ය විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවිය වන www.mohe.gov.lk තුළින් ලබා ගත හැකිය. මෙම උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට සපුරා තිබිය යුතු සුදුසුකම් හා තෝරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හෝ කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වන ලෙස උනන්දුවක් දක්වන සිසුන් වෙත දන්වනු ලැබේ.