චීනයේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් මේ වනවිට සලාක ක්‍රමය යටතේ , ඩීසල් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී .
ඩීසල් සැපයුම පහත වැටීම හා ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් මෙසේ සලාක ක්‍රමය යටතේ ඩීසල් නිකුත් කිරීමට චීනය කටයුතු යොදා ඇතැයිද ජාත්‍යන්තර බී බී සී පුවත් සේවය සඳහන් කර සිටී .
මෙම තත්වය මත චීනයේ ඇතැම් ප්‍රදේශවල ට්‍රක් රථ රියදුරන්ට තම රථයට අවශ්‍ය ඩීසල් ලබාගැනීම සඳහා දින ගණන් බලාසිටීමට සිදුව ඇති බවද වාර්තාවේ .
චීනය මේ වන විට දැවැන්ත විදුලි අර්බුදයකට මැදිව සිටීන අතර ඒඅනුව ගල් අඟුරු සහ ස්වාභාවික ගෑස් හිඟය හේතුවෙන් කර්මාන්ත ශාලා රැසක් වැසීයමින් පවතින බවද බී බී සී පුවත් සේවය පවසයි .
එසේම මේ වනවිට චීනයේ බොහෝ ප්‍රදේශවල නිවාසවලටද විදුලිය අහිමි වීම නිසා තත්වය වඩාත් බරපතලවී ඇත ,
“Covid-19 වසංගතය හේතුවෙන් ගෝලීය සැපයුම් දාම බිඳවැටුණු බවත් , ආර්ථිකයන් නැවත විවෘත වීමත් සමඟ ඉල්ලුම ඉහළයාම නිසා මෙම නවතම අර්බුදයන් මතුව ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදේ ..
සලාක ක්‍රමය යටතේ චීනයේ ඇතැම් ප්‍රදේශවල ට්‍රක් රථවලට වරකට ලීටර් 100 බැගින් පිරවීමට අවසර දී ඇත – එය එහි ධාරිතාවෙන් 10% ක් පමණ,ප්‍රමාණයකි .
රටේ අනෙකුත් ප්‍රදේශවල, රියදුරන්ට ලීටර් 25ක් දක්වා පමණක් මිල දී ගැනීමට අවසර දී ඇති අතර , වාහන වර්ගය අනුවද ලබාගත හැකි ඩීසල් ප්‍රමාණය වෙනස්වේ .
එසේම ඇතැම් ප්‍රදෙශවල ඉන්ධන නිකුත්කිරීමේදී යුවාන් 300 ($47, £34) දක්වාවූ අධිභාර අය කරන බවද වාර්තාවේ .
මේ පිළිබඳව බී බී සී පුවත්සේවයේ පළවූ සම්පූර්ණ වාර්තාව මෙන්න