යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ආහාර මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇත .
, ආහාර සැපයුම් සහ ආහාර නිෂ්පාදන වියදම් ඉහළයාම හේතුවෙන් මෙම තත්වය මතුවන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි .
පොහොර මිල ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බව පැවසෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක් දැනටමත් රුසියාවෙන් අත්‍යවශ්‍ය ආහාර අමුද්‍රව්‍ය ලබාගන්නා බවයි.
පොහොර මිල ඉහළ යාමට අමතරව ගෑස් මිල ඉහළ යාමද කෘෂිකර්මාන්තයට සහ ආහාර නිෂ්පාදන මිල ඉහළ යාමට සෘජුව බලපාන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය . රුසියාව යනු පොහොර කර්මාන්තයේ දැවැන්ත පංගුවකට හිමිකම් කියන රටක් වන අතර . යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ඉන්ධන මිල වසර 13 කට පසු අද ඉහළම අගයද වාර්තා කලෙය බි්‍රතාන්‍යයේ පෙට්‍රල් මිලද අද ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කළේ මේ අතරතුරයි.