වසර 14 කට පසු , ලොව ඉහලම ගෑස් මිල වාර්තාවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත . නවතම වාර්තාවලට අනුව මේ වන විට ලෝක වෙළඳපොලෙන් වාර්තා වන්නේ 2008 ජූලි මාසයෙන් පසු ගෑස් සඳහා වාර්තාවූ වැඩිම මිලයි.

පෙර පැවති මිලට සාපේක්ෂව ඩොලර් 4 යි දශම එකයි එකකින් ගෑස් මිල වැඩිවී ඇති බව එහි සඳහන්. ගෑස් තොග මිලද දෙගුණයකට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙ. රුසියාවෙන් ගෑස් සහ ඉන්ධන මිලදී ගැනීම තහනම් කිරීම පිළිබඳ බි්‍රතාන්‍යය අනතුරු ඇඟවීමත් සමඟ මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇතැයි සඳහන්.

ගෑස් මිල මෙන්ම යුක්‍රේන රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ඉන්ධන මිලද මේ වන විට වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙ. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 139 ක් ලෙසයි. එයද වසර 14 කට පසු වාර්තාවූ ඉහළම මිලයි.