විදේශ ගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහල දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත ,
ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා අමතර රුපියල් 38ක් හිමිවනු ඇත .
මිට අමතරව අපනයනකරුවන් දිරි ගැන්විම සඳහා ලැබෙන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 30ක් ගෙවීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් ගෙනා යෝජනාවට ද ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එහිදී පෙර කාර්තුවට වඩා උපයනු ලබන අපනයන ආදායමට වඩා උපයනු ලබන සෑම ඩොලරයක් වෙනුවෙන් මෙම දිරි දීමනාව ගෙවීමටයි නියමිතව ඇත්තේ.