ඉස්ලාම් රාජ්‍යයේ සතුරන් වන බටහිර රටවලට යුක්රේනයේ ඇතිවී තිබෙන යුද්ධය දිව්‍යමය දඬුවමක් බව ISIS සංවිධානය ප්‍රකාශ කර සිටි
රුසියාව විසින් සිය අසල්වැසි රාජ්‍යක් වන යුක්රේනය ආක්‍රමණය කිරීම ” කුරුස යුද්ධකරුවන්ට එරෙහිව කුරුස යුද්ධයක්” ලෙසයි ISIS සංවිධානය සිය මුද්‍රිත මාධ්‍ය සඟරාවක් වන al-Naba හි පළකර ඇති ලිපියක හඳුන්වා ඇත්තේ .
මුස්ලිම්වරුන් යුද්ධයේ පැත්ත නොගත යුතු බව පැවසූ ඔවුන්, ප්‍රතිඵලය කුමක් වුවත් ‘විශාල ප්‍රතිවිපාක’ ඇති වනු ඇති බවයි ISIS සංවිධානය සඳහන් කර ඇත
රුසියානුවන් සහ යුක්රේනය ඇතිවී තිබෙන යුද්ධය “කුරානයේ” සඳහන්ව ඇති ආකාරයට සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ලැබී තිබෙන දඬුවමක් බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.
නැගෙනහිර යුරෝපිය රටවල් පාලනය කිරීමට අමෙරිකාව සහ රුසියාව අතර ඇතිවී තිබෙන තරඟකාරිත්වය මෙම ආක්‍රමණයට ප්‍රධාන හේතුවක් ලෙසයි ISIS සංවිධානය සඳහන් කර ඇත්තේ.